ශ්‍රී ලංකාවේ මෑතකාලීන ප්‍රගතිය ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියගේ පැසසුමට ලක්ව තිබෙනවා.
රජයේ වත්මන් වැඩපිලිවෙලට ඉතාලියේ අඛණ්ඩ සහාය ලබා දෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූ අවස්ථාවේදීයි ඉතාලි නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මේ බව සදහන් කර තිබුණා.
ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මාරියා ට්‍රිපොඩි මහත්මිය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ සිදු වුනා.
ඒ අරලිය ගහ මන්දිරයේදීයි.
දේශපාලන උපදේශන සඳහා අවස්ථාව වැඩි කිරීම, වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම ආදිය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා.
සංචාරක ප්‍රවර්ධනය සහ සංස්කෘතික හා ආධ්‍යාපනික හුවමාරු වැඩසටහන ශක්තිමත් කිරීම පිළිබදව ද අවධානය යොමුව ඇති බවයි වාර්තා වුනේ.
යුරෝපා සංගමය සමග පවතින සබදතා තවදුරටත් තහවුරු කර ගැනීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














