ඇඹිලිපිටිය, වීරසිංහපුර සහ මහනුවර, දුටුගැමුණු වීදිය යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ ඇඹිලිපිටිය, වීරසිංහපුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 39ක් පමණ වූ වීරසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර මහනුවර, දුටුගැමුණු මාවත ප්‍රදේශයේදීද කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(23) දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.
ඝාතනයට ලක්වූ කාන්තාව 65 හැවිරිදි යාචක කාන්තාවක් බවද පොලිසිය කියා සිටියා.
ඝාතනය සිදු කරන ලද වයස අවුරුදු 30ක් පමණ වූ සැකකරු පොලිසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී ඇති අතර අපරාධයට යොදා ගත් පිහියද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඝාතනය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













