ඇමෙරිකානු තීරු බදු පිළිබඳ රජයේ නිලධාරීන් සහ අපනයන ක්ෂේත්‍ර නියෝජිතයන් අතර සාකච්ඡාවක් අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් මෑතකදී පනවන ලද සියයට 20 ක තීරු බද්ද සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් පිලිබදව මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුනේ..
ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී මංගල විජේසිංහ මහතා විසින් තීරු බදු අභියෝගයට මුහුණදීම සඳහා අපනයන කර්මාන්තයේ ඒකාබද්ධ වැඩපිළිවෙලක ඇති වැදගත්කම අවධාරණය කළා.
ඇමරිකානු තීරු බදු සම්බන්ධයෙන් රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිපත්ති සහ සහාය යාන්ත්‍රණය පිළිබඳව රජයේ ප්‍රධාන ලේකම්වරුන් තිදෙනෙකුගේ උපාය මාර්ගික දේශනයක්ද මෙම සාකච්ඡාවට ඇතුළත් වී තිබුණා.
උණුසුම් පුවත්
- නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
- පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
- ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
- දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
- පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට














