දෙමෝදර ආරුක්කු 9 පාලම සහ ඒ අවට ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ශනය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ඒ දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකාබද්ධවයි.
එම වැඩපිළිවෙළ යටතේ ප්‍රදේශයේ විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කායේද සංචාරකයන්ට නැරඹීමේ අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ එළැඹෙන අගෝස්තු මස සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එසේම දුම්රිය මැදිරි යොදාගනිමින් නානුඔය දුම්රිය ස්ථානය ආසන්නයේ නිර්මාණය කර ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ සංචාරකයන්ට නව අත්දැකීමක් ලබාගැනීම පිණිස මෙම ව්‍යාපෘතියද අගෝස්තු මස මුල් සතිය වන විට සංචාරකයින් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි.