ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්රිය නොවන තීරණයක් ගැනීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා .
උතුරේ සීග්ර ආර්ථික සංවර්ධනය සමඟ නව රැකියා අවස්ථා මෙන්ම, නව ආයෝජන අවස්ථා රැසක්ද ඉදිරියේදී බිහිවනු ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා .
එමෙන්ම උතුර සංවර්ධනය කර රටම දියුණු කිරීමට උතුරේ සියලු මහජන නියෝජිතයන්ගේ සහය අපේක්ෂා කරන බවත් ඔහු සදහන් කළා .
යාපනයේ එජාප ක්රියාකාරීන් සමඟ පැවති හමුවේදී ජනපති වරයා මේ බව අවධාරණය කලා
එමෙන්ම ජනපති සහ උතුරේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක් ද සිදුව තිබෙනවා. ඒ අනුව තල් කර්මාන්තය ආශ්රිත ගැටලු විසඳීමට ජනපතිවරයා කමිටුවක් ද පත් කර තිබෙනවා .
මේ අතර උතුරු පළාත් නීතිඥ සංගමය සහ ජනපතිවරයා අතර හමුවක්ද සිදුව තිබෙනවා .
එමෙන්ම පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්රවීණයන්ගේ මලල ක්රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක් ද, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්ද හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයි හි පදිංචි අකිලා තිරුනායක මහත්මිය ඊයේ උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා.