ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කළා.