දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 209ක් අතුරුදන්ව ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
වැඩිපුරම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ එම සංඛ්‍යාව 232 ක් වන බවයි.
මීට අමතරව නුවර එලිය දිස්ත්‍රික්කයෙන් මරණ 89 ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83 ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 61 ක් වාර්තා වී ඇති බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.
මේ අතර පැවති ආපදා තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 7040 ක් වාර්තා වන අතර අර්ධ නිවාස හානි 71,121 ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 990 ක් තුල පවුල් 29,874 කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 124 දෙනෙකු තවමත් රදවා තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
- දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි














