දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්, සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ 2025 සැප්තැම්බර් මස 30 දිනට හෝ ඊට පෙර අදාල ගෙවීම් සිදු කරන ලෙසයි.
මෙම නියෝගය තනි පුද්ගලයන්, සමාගම්, සංස්ථා, හවුල් ව්‍යාපාර සහ අනෙකුත් සියලුම ලියාපදිංචි ආයතන ඇතුළු සියලුම බදු ගෙවන්නන්ට අදාල වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව, Online Tax Payment Platform මඟින් අන්තර්ජාලය හරහා ගෙවීම සහ ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවක් වෙත ගොස් අදාල ගෙවීම් සිදු කළ හැකියි.
මෙහිදී ප්‍රමාද වීම් හෝ ගෙවීම් පැහැර හැරීම් සඳහා පොලී සහ දඩ මුදල් අය කරන බවද දෙපාර්තමේන්තුව අවධාරණය කළා.
උණුසුම් පුවත්
- පොල්ලකින් ගසා පුද්ගල ඝාතනයක් කළ ීඔත් නිලධාරියා පොලිසියට භාරවෙයි
- වතුකරයේ ජනතාව සූර්ය රාජයා නමදිමින් තෛපොංගල් උත්සවය සමරයි
- PHOTOS: දිට්වා නිසා නැවතුණු කෝච්චියක් මාස දෙකක් තිස්සේ උලපෙන් සහ ගම්පොළ අතර
- කිරි තේ මිල පහළට
- කාලගුණයෙන් නිවේදනයක්
- නාවලපිටියේ පුද්ගල ඝාතනයක්
- ජූලි චන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද අතර හමුවක්
- අධිවේගයේ ධාවනය කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්













