කල්පිටිය මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 64කට ආසන්න ප්‍රමාණයක් සහ හෙරොයින් ම ත්ද්‍රව්‍ය කිලෝ 15කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ නාවික හමුදාව කල්පිටිය මුහුදු තීරයේ තිබූ සැකකටයුතු බෝට්ටුවක් පරීක්ෂා කර පොහොරෙ උර තුනක බහා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 63 ග්‍රෑම් 718ක් හා හෙරොයින් කිලෝ 14 ග්‍රෑම් 802ක් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී ඇති බවයි.
කල්පිටිය ප්‍රදේශයේ පදිංචි මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි බෝට්ටුවේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













