පවතින අධික වර්ශාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත්ත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත කිරීමට පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබෙනවා.
ඉන් තත්පරයකට ඝණ අඩි 5,190 බැගින් වූ ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදාහැරිමින් පවතින බවයි වාර්තා වන්නේ.
මේ අතර කලා වැවේ වාන් දොරටු 02ක් ද මේ වන විට අඩි දෙක බැගින් විවෘත්ත කර ඇති අතර ඉන් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,447ක ජල ධාරිතාවයක් පිට කරනු ලබනවා.
එමෙන්ම රාජාංගනය ජලාශයේ ද මේ වන විට වාන් දොරටු හයක් විවෘත කර තිබෙනවා.
ඉන් තත්පරේට ගණ අඩි 4,990ක් කලාඔයට මුදා හරිමින් පවතින බවයි වාර්තා වන්නේ.
අංගමුව ජලාශයේ ද මේ වන විට වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර එයින් තත්පරේට ගණ අඩි 2,824ක් කලා ඔයට මුදා හරිමින් පවතිනවා.
මේ අතර රාවණා දිය ඇල්ල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ පස්වරුවේ දී ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය සමග රාවණා දිය ඇල්ලේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි වාර්තා වන්නේ.
මේ දිනවල එක්වරම දිය ඇල්ලේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් දිය ඇල්ල අසල දිය නෑම සහ දිය ඇල්ල අසලට ගොස් ඡයාරූප ලබා ගැනීම සිදු නොකරන ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙනවා.
උණුසුම් පුවත්
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට
- ජාතික නිවාස වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
- වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
- කටුනායක ගුවන් තොටුපලේ කාර්්යක්ෂමතාව ඉහළ නැංවීමට අද සිට නව වැඩපිළිවෙලක්










