ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනපති සිය X ගිණුමේ සටහනක් තබමින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සිටින තැන තමන් දන්නා බවත් එම ස්ථානය ඉතා පහසු ඉලක්කයක් බවත්ය.
කෙසේවෙතත් දැනට ඔහුව ඝාතනය කිරිමට අපේක්ෂා නොකරන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරිමට, අවශ්‍යතාවයක් නැති නමුත් අමෙරිකාවේ ඉවසීම මේ වනවිට ඉක්මවා යමින් ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
ඉරානය ගුවන් අවකාශයේ සම්පූර්ණ පාලනය ද අමෙරිකාව සතු බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ගුවන් හමුදාවට වඩා සිය ගුවන් හමුදාව ශක්තිමත් බව ද පවසා තිබෙනවා.