අමෙරිකාවේ සියලුම ගුවන් ගමන් සීමා කිරීම් ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව සාමාන්‍ය මෙහෙයුම් නැවත ආරම්භ කළ හැකි බවට නිවේදනය කර ඇති බවයි එරට වාර්තා සදහන් කළේ.
අමෙරිකානු රජයේ වසා දැමීම හේතුවෙන් ඇතිවූ ගුවන් ගමන්වලට බාධා අවසන් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවද සඳහන්.













