තල්මසුන්ගේ අම්බර් සන්තකව සිටි පුද්ගලයෙකු දිවුලපිටිය, බෝමුගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය පොලීසියට ලද තොරතුරක් මත දිවුලපිටිය – මීගමුව මාර්ගයේ බෝමුගම්මන ප්‍රදේශයේ ඊයේ උදෑසන සිදුකළ වැටලීමකින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
එහිදී සැකකරු සන්තකයේ තිබී තල්මසුන්ගේ අම්බර් කිලෝ 01යි ග්‍රෑම් 200ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කරනවා.
ඔහු එම අම්බර් රුපියල් ලක්ෂ 50ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව සිට තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කිරිඳිවැල වතුරුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.