පේදුරුතුඩුව පොලිස් වසමේ මන්දික්කායි ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි කියුබ් 9 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 20,28 සහ 36 යන වයස්වල පසුවන විශ්වමඩු, පලෙයි හා ධර්මපුරම් ප්‍රදේශවල පදිංචිකරුවන්.
වැලි ප්‍රවාහනයට සඳහා යොදා ගත් ටිපර් රථ 3 ක් ද සිය භාරයට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.