බ්‍රිතාන්‍ය කිරීටයට තිබූ අවසාන බැදීමෙන් බිදී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ මීට වසර 51 කට පෙරයි. ඊට පෙර ලංකාවට හිමිව තිබුනේ ඩොමීනියන් තත්වයේ නිදහසක් වන අතර ලංකාවේ රාජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජින වන අතර ඔවුන්ගේ නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කලා.
ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කිරීමට මූලිකත්වය ගත්තේ 1970 බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු ආණ්ඩුවයි. ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවේ මූලික නිර්මාතෘ වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතායි . කොලඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේදී රැස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම රැස්වීම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්කරගනිමින් නව ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- ජනාධිපති අපනයන සම්මාන උළෙල දෙසැම්බර් මස 11 වැනි දා
- සුරාබදු දෙපාර්තමේන්තුවේ පස් දෙනෙකු අත්අඩංගුවට
- ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව රැස් වෙයි
- කොටුව රේගු මූලස්ථානයෙන් හමු වූ දේ
- ගිනි අවිය තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- සුරාබදු නිලධාරීන් පහක් CID අත්අඩංගුවට
- වතු ජනතාවට අපහාස කළ වතුකරයේ කාන්තාවකට එරෙහිව විරෝධතාවයක්
- බගවන්තලාවට මල් තුහින පතිත වෙයි













