රුපියල් කෝටියක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක 06 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 114 ක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු , ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් 10/05 දින අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් 23 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන , ගුවන් මගින් විවිධ භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත වී සිටින කොළඹ – 10 මරදාන ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි .
ඔවුන් 10/05 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය සගවා ගෙන තිබී , පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම පුද්ගලයන් දෙදෙනා සහ ඔවුන් රැගෙන විත් තිබූ ලැප්ටොප් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .