අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
මෙම හමුව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේදීයි.
ශ්‍රී ලංකාව හා ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.
සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය සදහා අඛණ්ඩව සහාය ලබා දීමේ හැකියාව පිළිබඳව ජයිකා නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අදහස් පළකර තිබෙනවා.
නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය කුරෝනුමා මහතාට සුබපැතුම් එක් කිරීම මෙහිදී සිදු කරනු ලැබුවා.
ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කර තිබෙනවා.
තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනා ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය එහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- ඉහළ තේමලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘතයි
- තේක්ක රක්ෂිතයක ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු මරුට
- පාකිස්ථානයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට
- සහල් ආනයනය ගැන කෘෂි ඇමතිගේ ප්‍රකාශයට විරෝධය
- ඉරාන න්‍යෂ්ටික සාකච්ඡා ලබන සිකුරාදා
- හම්බන්තොට ලුණු නිෂ්පාදනය ඇරඹෙයි
- මහින්දානන්දට සහ නලින්ට අධි චෝදනා
- ගාසා තීරයේ සිටි පුද්ගලයින් 67 දෙනෙකු ඝාතනය කෙරේ.