අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනයේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.
මෙම හමුව පවත්වා ඇත්තේ පාර්ලිමේන්තුවේදීයි.
ශ්‍රී ලංකාව හා ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.
සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රය සදහා අඛණ්ඩව සහාය ලබා දීමේ හැකියාව පිළිබඳව ජයිකා නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අදහස් පළකර තිබෙනවා.
නව පත්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය කුරෝනුමා මහතාට සුබපැතුම් එක් කිරීම මෙහිදී සිදු කරනු ලැබුවා.
ජයිකා ආයතනය ශ්‍රී ලංකාවට ලබාදෙන තාක්ෂණික සහයෝගීතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සිය ස්තුතිය පළ කර තිබෙනවා.
තාක්ෂණික අංශයේ සහයෝගිතා ඉලක්ක සඳහා වන වගවීම, විනිවිදභාවය සහ සියලු දෙනා ඇතුළත් වන නව ප්‍රතිසංස්කරණ සඳහා රජයේ කැපවීම පිළිබඳවද අගමැතිනිය එහිදී අවධාරණය කර ඇති බවයි වාර්තා වුනේ.
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














