‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ශිෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරන්න තියෙන බාධාවන් ඉවත් කරන ව්‍යාපෘතියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවා
මට්ටක්කුලිය වෙරළ උද්‍යානයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කලා
මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණය වන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පැවැති අතර . රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවට පත්ව තිබෙනවා