චීනයේ බීජිං හි පැවැත්වෙන ”2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව සඳහා සහභාගී වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනය අනුවයි.
අග්‍රාමාත්‍යවරිය අද සිට ලබන 15 වනදා දක්වා එරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.
”එක් අනාගතයක් කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙනවා.
මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද අග්‍රාමාත්‍යවරිය සහභාගීවීමට නියමිතයි.
උණුසුම් පුවත්
- නවසීලන්තයේ ප්‍රබල ලැව් ගින්නක්
- ඉන්දීය අගමැති භූ තානයේ සංචාරයකට සූදානමින්
- කාම්බෝජයෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් දිවයිනට
- බදුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පිරිසක් අත්අඩංගුවට
- පදියතලාවේ අලෙවි සැලක ගින්නක්
- ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක්
- අයිස් මත්ද්‍රව්‍ය පැකට් කර බෙදාහරින නිවසක් වටලයි
- උස්ස පෙළ හෙට ඇරඹෙයි











