කඩුවෙල මාබිම ප්‍රදේශයේදී හෙට නව ගෑස් පිරවුම් පර්යන්තයක් විවෘත කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම වෙනුවෙන් මෙම නව පර්යන්තය විවෘත කරන බවයි.
දිනකට සිලින්ඩර 60000ක් නිකුත් කිරීම හේතුවෙන් ඒ සඳහා කෙලවරපිටිය පර්යන්තය ප්‍රමාණවත් නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.