අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්රාමික මේජර් නීතිඥ අජිත් ප්රසන්ත මහතාට අභියාචනාධිකරණය විසින් මාස 06 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා .
එම සිරදඬුවම අජිත් ප්රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04 ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව ක්රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් වනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී ඇති බව ද සදහන් .