උත්සව සමය අරමුණු කරගනිමින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එක ම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1200ක් ලෙසත්, පාන් පිටි කිලෝව රුපියල් 185ක් ලෙසත් මිලදී ගත හැකියි.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවි සැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ඊයේ දින සිට (2024.04.10) ලබා ගත හැකියි.