ශ්‍රී ලංකා දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්වරුන්ගේ රියදුරු සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජනය ආරම්භ කල බවයි ඔවුන් සඳහන් කලේ .
වැටුප් වැඩි කිරීම් හා ප්‍රමාද කර ඇති උසසවීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.
අදාළ ගැටළු පිලිබදව මෙම සංගමය පසුගිය 09 වන දා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවති සාකච්ඡාව ද අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ .