මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වනවා.
මොරටුව එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩී යාම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවනු ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියන් ඊයේ දිනයේදී පැය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කර තිබෙනවා.
ඒ නුවරඑළිය නානුඔය රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථාන 2 අතර බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන්.
පාසල් නිවාඩුවෙන් පසු අධ්‍යාපන කටයුතු සදහා පාසල් විවෘත කිරීමට පෙර දින ශ්‍රමදානයක් පවත්වා නිවස බලා යමින් සිටි විදුහල්පතිවරයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සදහන් කළේ.