නුවරඑළිය නානුඔය පොලිස් වසමට අයත් රැදැල්ල සහ ග්‍රේට් වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (11) දින බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ විශේෂ දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව නානුඔය පොලිසිය පැවසුුුුුවා.
පාසල් නිවාඩුවෙන් පසුව අධ්‍යාපන කටයුතු සඳහා පාසල විවෘත කිරීමට ප්‍රථම (11) දින පාසලේ ශ්‍රමදානයක් පවත්වා විදුහල්පතිවරයා ඔහු පදිංචි නානුඔය කල්කාන්ති වත්තට සුපුරුදු පරිදි දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් ව ඇත.
එදින පස්වරු 3.30 ට පමණ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නානුඔය දෙමළ විද්‍යාලයේ විදුහල්පති කතිර්වේලු සුබ්‍රමනියම් නැමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සිඳුවීමෙන් පසු දුම්රිය රියදුරන් එය නොදැක දුම්රිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇති අතර , දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරියෙකු සිදුවීම දැක ඒ පිලිබඳව නානුඔය දුම්රිය ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරින් සහ පොලිස් නිලධාරීන් එක්ව විදුහල්පතිවරයාගේ සිරුර නානුඔය දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් තිබුන අතර සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.
සිරුර දුම්රිය මාර්ගයෙන් ඉවත් කර ගන්නා තෙක් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රිය ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ පැය 2 ½ ක් සහ කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රිය වටගොඩ දුම්රිය ස්ථානයේ පැය 3 ½ ක්ද බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය මගි ප්‍රවාහන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයේ පැය කිහිපයක් නතර කර තිබිම නිසා එම දුම්රියන් වලින් ගමන් ගත් මගීන් දැඩි පිඩාවට පත් වි සිටියා.