කළුතර ප්‍රදේශයේ උපකාරක පංති වල සිසුන් ඉලක්ක කර ගනිමින් මත්කරල් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින්.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කිතුලාව ප්‍රදේශයේ පදිංචි 25 හැව්රිදි පුද්ගලයක්.
සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මත්කරල් 1010 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කළේ.
එම කරල් රෝගීන්ට ලබාදෙන ඖෂධයක් බව සෞඛ්‍ය අංශ සදහන් කළා.
මත්කරලක් රුපියල් 150 කට අලෙවි කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .