පාර්ලිමේන්තුවට අවශ්‍ය නොවන භාණ්ඩ තොගයක් ගෙනැවිත් ඇති බව බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා අද අනාවරණ කළා.
ඒ පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි බුද්ධික පතිරණ මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.
තවදුරටත් කරුණු අනාවරණ කරමින් මන්ත්‍රිවරයා කියා සිටියේ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා එම භාණ්ඩ භාර ගෙන ඇති බවයි.
මෙහිදී හේෂා විතානගේ මන්ත්‍රිවරයා ද ඒ සම්බන්ධයෙන් තවත් කරුණු දක්වා සිටියා.
බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා යළිත් කරුණු දැක්වීමත් සමඟ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ද ඊට මැදිහත් වූ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තම විරෝධය පළ කළා.