එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළව අතුරු ගෙවීමක් කිරීමට නෞකා සමාගමේ නීතිඥවරුන් සිය එකඟතාව පළ කර තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, පසුගියදා සිංගප්පූරුවේ පැවති සාකච්ඡාවලදී ගත් තීරණයට අදාළ එකඟතා, ශ්‍රී ලංකාවට දැනුම්දී ඇති බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණය වෙනුවෙන් සහ අනතුර හේතුවෙන් පීඩාවට පත්වූ ධීවරයින් වෙනුවෙන් අදාළ අතුරු ගෙවීම සිදුකිරීමට නියමිතව තිබෙනවා .

නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, අතුරු ගෙවීමට අදාළ සවිස්තර වාර්තාවක් ඉදිරි සති දෙක ඇතුළත සමාගමේ නීතිඥවරුන් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

WhatsApp Group

Skip to content