කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍ය යොදා ගනිමින් අලෙවි කරනු ලබන ලාංකිකයන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ළමා හා කාන්තා කාර්යාංශය මේ බව අනාවරණ කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට කරුණු වාර්තා කරමින්.

ජාත්‍යන්තර සංවිධානයක් එම සිදුවීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදු කෙරෙනවා.

අදාළ ජාත්‍යන්තර සංවිධානය පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ Whatsapp Group ඔස්සේ සාමාජිකයන් එකතු කරගනිමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසයි.

ඒ, අනුව වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා 3000/= වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර තිබෙනවා.

WhatsApp Group

Skip to content