චීනයේ සංචාරක කර්මාන්තයේ නියුතු නියෝජිත ආයතනවල ප්‍රධානීන් සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා අතර හමුවක් 12දා පස්වරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි පැවැත්විණි.

චීන සංචාරකයින් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන මෙරටට ගෙන්වා ගැනිමට සහ  අදාළව ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තය පිළිබඳ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අරමුණීන් මෙම  සාකච්ඡාව පැවැත්විණි.

චීනයේ ඉහළ පෙලේ සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් සංවිධාන කර ඇති බවත් මධ්‍යම පළාතේ මහනුවර,නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ඇති සංචාරක ස්ථාන වෙත සංචාරකයින් ගෙන්වා ගැනිමටත්, ආයෝජනයටත් කටයුතු කරන බව  මෙම සාකච්ඡාවට එක් වූ චීන නියෝජිතයින් ප්‍රකාශ කළේය.

මෙහිද අදහස් දැක්වු ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ 2024 දී වේගයෙන්ම වර්ධනය වන සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බවත් මේ වන විට චිනය ඇතුලු සංචාරකයින් විශාල පිරිසක් ලංකාවට පැමිණෙන බවත් මාස ගණනාවකට හෝටල් ඇතුලු සංචාරක නිකේතන වෙන් කරවාගෙන ඇති බවද සදහන් කළේය.
චිනය සහ ශ්‍රි ලංකාව අතර මිත්‍රතත්වය ඉතා දිගු ඉතිහාසයක් ඇති බවත් මෙරට විශාල ප්‍රමාණයේ අයෝජන රැසක් සිදු කර ඇති බවත් ඉන් ලාංකිය ජනතාව ප්‍රතිලාභ රැසක් අත් කර දි ඇති බව සිහිපත් කළ ආණ්ඩුකාරවරයා  සංචාරක කර්මාන්තයට විශේෂයෙන් මධ්‍යම පළාත කේන්ද්‍ර කරගෙන සිදු කරන සංචාරක වැඩපිළීවෙල සදහා උපරිම දායක්තවය සහ සහයෝගය ලබා දිමට කටයුතු කරන බවය.
මධ්‍යම පළාත සංචාරකයින් සදහා පාරාදීසියක් බවත් , මධ්‍යම පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ හෙට දවස ඉතා පැහැදිලි වර්ධනයක් කරා යන බවත් ඒ සදහා ලෝක සංචාරක සංවිධාන වලින් අවශ්‍ය සහාය අත්‍යවශ්‍ය බවත් ඔවුන් හට තම මිත්‍රත්වයේ හස්තය දිගුකරණ බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදි පළාත් ආණ්ඩුකාරවරයා විසින් සමරු තිළිණයක් සහ පළාතේ සංචාරක ස්ථාන පිළීබදව සැකසුනු පොත් කට්ටලයක් දුත පිරිස වෙත පිරිනැමිමද සිදු විය.

මෙම හමුව සදහා  බිජිං සංචාරක සමූහයේ (BTG) උප සභාපති,චීනයේ සංචාරක සමූහයේ (CCT) සභාපති Wu Jinmei මහත්මිය,චීනයේ Quanjude සමූහයේ සභාපති , Qu Baoan මහතා, OTS දෙපාර්තමේන්තුවේ චීන සුවපහසු සංචාරක සමූහයේ අධ්‍යක්ෂ  (CCT)  Shang Zhengzheng මෙනවිය,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් සංචාරක අධ්‍යක්ෂ ඉනෝදනි තඹවිට, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය නියෝජනය කරමින් පිරිසක් එක්වි සිටියහ.

WhatsApp Group

Skip to content