2024.02.20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව අධ්යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද “යුනෙස්කෝ (UNESCO) සඳහා වූ ශ්රී ලංකා ජාතික කොමිෂන් සභාව” පනත් කෙටුම්පතට අධ්යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි විය.
අධ්යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය වී.රාධක්රිෂ්ණන් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම අනුමතිය ලබා දීම සිදු විය.
එක්සත් ජාතීන්ගේ අධ්යාපනික, විද්යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු ඊට අදාළ කටයුතු සදහා විධිවිධාන සැලැස්වීම පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත සහ ඊට අදාළව සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීම කාරක සභාව රැස්වී සාකච්ඡා කිරීම සිදු විය.
අධ්යාපන අමාත්යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ යුනෙස්කෝව සඳහා ශ්රී ලංකා ජාතික කොමිසමේ මහ ලේකම් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීම සඳහා සහභාගී වී සිටියහ.

WhatsApp Group

Skip to content