ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නව නායකයා ලෙස පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා කිළිනොච්චියේ පුල්ලෙයාර් කෝවිල වෙත ගොස් ආගමික වතාවත්වල අද නිරත වුණා.

එමෙන්ම ඔහු යුද්ධයෙන් මිය ගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ සිරුරු තැන්පත් කර ඇති කිලිනොච්චි – කනකපුරම් සුසාන භූමිය වෙත ද ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ පැවති රහස් ඡන්දයේදී 186 දෙනෙකුගේ ඡන්ද ලබාගනිමින් ශ්‍රීධරන් මහතා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකයා ලෙස තේරී පත්වුණා.

ඔහුගේ ප්‍රතිවාදියා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතාට හිමිවූයේ ඡන්ද 137 ක් පමණයි.

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා එම ධුරයෙන් ඉවත්වීමෙන් පසුවයි මෙලෙස නව නායකයෙකු තෝරාගැනීමට එම පක්ෂය කටයුතු කළේ.

WhatsApp Group

Skip to content