අවුරුදු 18ට වැඩි සියලු දෙනාටම ටින් අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පහසුම් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල සැලසිය යුතු බවයි අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

ඒ සඳහා වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අමතරව රජයේ බැංකු, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාතමේන්තුව වැනි ස්ථානවල ද ඊට අදාළ කවුන්ටර් විවෘත කිරීමට අදාළ කටයුතු ද සොයා බැලිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.

ටින් අංකය ලබා දීම කාර්යක්ෂම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තු, රාජ්‍ය පරිපාලන සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදියි අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content