2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වීමට දකුණු අප්‍රිකා කණ්ඩායමට හැකි වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමගයි.

මේ අතර අද පෙරවරුවේ පැවති තරගයෙන් නැමීබියා කණ්ඩායම පරාජය කරමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම කඩුලු 9 ක ජයක් ලැබීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියා කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 72 ක් පමණයි.

පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 12 ට කඩුල 4 ක් දවා ගත් අතර ජොෂ් හෙසල්වුඩ් සහ මාකස් ස්ටොයිනීස් කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 5 යි පන්දු 4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 74 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම තරග ජයග්‍රහණයත් සමග සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම බවට පත්වීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට හැකි වුණා.

WhatsApp Group

Skip to content