ගම්පහ ප්‍රසිද්ධ බාලක පාස­ලක පැවැති ක්‍රීඩා උත්ස­ව­යක දී පොලිස් ශිෂ්‍ය භට­ කණ්ඩායමක් පොලිස් විශේෂ කාර්ය බළ­කායේ කැලෑ නිල ඇඳු­මට සමාන ඇඳු­මින් සැරසී අවි සංද­ර්ශ­න­යක නිරත වී ඇති පුවතක් පසුගියදා වාර්තා විය.

කෙසේවෙතත් මෙම සිදුවීම සිදුව ඇත්තේ එම ශිෂ්‍ය භට­යන් අධී­ක්ෂ­ණ­යට පත්කර සිටින පොලිස් නිල­ධා­රීන්ගේ අනු­දැ­නුම මත දැයි සොයා විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳ­හන් කර තිබේ.

WhatsApp Group

Skip to content