තේ කර්මාන්තයේ දී මිල අධිකම තේ වර්ගයක් වන Silver tips තේ වගාව දකුණු පළාත තුළ ගෘහ කර්මාන්තයක් ලෙස ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ පසුගියදා (19) කටුවන දී ආරම්භ කෙරිණි . ඒ අනුව වලස්මුල හා ඔකේවෙල යන ප්‍රදේශවල කාන්තාවන් තෝරාගෙන ඔවුන්ට මෙම තේ පැළ හා වගාව සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට කුඩා තේවතු සංවර්ධන අධිකාරිය කටයුතු කළේය.

දැනට තේ වෙළඳ පළෙහි මිල අධික තේ විශේෂයක් ලෙස සැලකෙන Silver tips තේ නිෂ්පාදනය කිරිම සඳහා යොදා ගැනෙන 20/43 නැමැති තේ ප්‍රභේදය දකුණු පළාතේ වගාව ආරම්භ කළ එක් ප්‍රදේශයක පවුල් 300ක ගෘහණියන් තෝරාගෙන ඔවුන් අතර තේ පැළ බෙදා දීම මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහන යටතේ එක් ගෘහණියකට 20/43 තේ පැළ 300ක් බැගින් ලබා දෙන අතර එම වගාව සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් මෙන්ම ජල පොම්ප ද කුඩා තේවතු සංවර්ධන අධිකාරිය මගින් නොමිලයේ සපයයි. මෙම Silver tips තේ කිලෝවක් රුපියල් 50,000ක් වන අතර තේ වගාව ආරම්භ කර වසරකට පසු මෙම ගෘහණියන්ට තම මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරක් දක්වා වැඩි කර ගැනීමට හැකිවේ.

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම තේ පැළ හා උපකරණ බෙදා දීම සිදු කෙරිණි.

WhatsApp Group

Skip to content