වාහනවලට ඉන්ධන සැපයීම සදහා ක්‍රියාත්මක  QR  කේත ක්‍රමය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

රට තුළ පවතින ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබා දීමට හැකි බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එමෙන්ම මීට පෙර ආකාරයටම සාමාන්‍ය පරිදි පිරවුම්හල්වලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවටයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ

WhatsApp Group

Skip to content