2024 ඔක්තෝබර් මස 08 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People’s Liberation Army Navy Sail Training Warship) ‘PO LANG’ පුහුණු රුවල් යුද නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් අද දින (2024 ඔක්තෝබර් 11) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

 මෙම නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Ma Wenyong සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් 2024 ඔක්තෝබර් මස 08 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරුණු අතර, 2024 ඔක්තෝබර් මස 10 වන දින ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර හමුවීමෙන් අනතුරුව එම විශ්ව විද්‍යාලය මඟින් සංවිධනය කරන ලද සුහද පැසිපන්දු තරඟයක් විශ්ව විද්‍යාල සිසුන් සහ නෞකා කාර්ය මණ්ඩලය අතර පැවැත්වීමටද කටයුතු කෙරිණි.

එමෙන්ම, එම නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ එහි නැව් මුළුව, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහාද ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට කටයුතු කළ අතර, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද එම නෞකාව තුළ පැවැත්වීමට කටයුතු කෙරිණි. 

WhatsApp Group

Skip to content