පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS SHAHJAHAN’ නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (02) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරුණා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක් වන ‘PNS SHAHJAHAN’ නෞකාව, දිගින් මීටර් 134.1 ක් හා නැව් මුළුව 169 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් ADNAN LAGHARI TI කටයුතු කරනු ලබයි. නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් අද දින (02) බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු කෙරුණි.  

‘PNS SHAHJAHAN’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් සඳහා සහභාගීවීමට මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර ‘PNS SHAHJAHAN’ නෞකාව 2023 ජුනි මස 04 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරත වීමටද නියමිතයි.

 

WhatsApp Group

Skip to content