2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයෙන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරදා ලකුණු 54 ක ජයක් වාර්තා කරමින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 222 ක් .

අන්ඩ්‍රි ෆ්ලෙචර් ලකුණු 60 ක් රැස් කළේ පන්දු 34 ක් පමණක් වැය කරමින්.

කමිදු මෙන්ඩිස් පන්දු 24 කින් නොදැවී ලකුණු 51 ක් රැස් කළ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 23 කින් නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂාන් හේමන්ත ලකුණු 14 කට දවා ගත් කඩුළු සංඛ්‍යාව 3 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 168 ක් පමණයි.
කුසල් පෙරේරා පන්දු 40 කින් ලකුණු 74 ක් ලබා ගත්තා.

මාර්ක් චැප්මන් ලකුණු 24 ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 18 ක් රැස් කළා .

පන්දු යැවීමේ දී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 35 ක් ලබා දෙමින්.
දසුන් ශානක ලකුණු 29 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ අතර සමස්ත තරගාවලියේ 19 වන තරගයෙන් ගෝල් මාර්වල්ස් කන්ඩායම පරදා කඩුලු 07 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් සමත් වුණා.
කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ගාලු කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 05 ක් අවසානයේ සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 138 ක් .
ටීම් සෙයිෆ්රිට් පන්දු 38 කින් ලකුණු 44 ක් ලබා ගත්තා .
පන්දු යැවීමේදී මතිෂ පතිරණ ලකුණු 20 කට කඩුළු 04 ක් දවා ගත් අතර දුනිත් වෙල්ලාලගේ සහ ෂඩාබ් ඛාන් කඩුළු 02 බැගින් දවා ගැනීමටයි සමත් වුණේ

පන්දුවාර 18 යි පන්දු 02 ක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී සිටියදී කලම්බු කණ්ඩායම ජයග්‍රාහි ඉලක්කය පසු කළා .
මුහම්මද් වසීම් පන්දු 44 කින් රැස් කල ලකුණු සංඛ්‍යාව 50 ක් .

WhatsApp Group

Skip to content