ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හෙවත් එල්පීඑල් තරගාවලිය සදහා නව නීතියක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව සෑම ඉනිමකම අවසාන පන්දුවාරවලදී තවත් පවර් ප්ලේ අවස්ථාවක් හඳුන්වා දීමටයි පියවර ගෙන ඇත්තේ.

පන්දුවාර 2 කින් සමන්විත මෙම පවර් ප්ලේ අවස්ථාව “පවර් බ්ලාස්ටර්” පන්දුවාර ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව පවර් ප්ලේ අවස්ථාව ලෙස මෙතෙක් සැලකූ ඉනිමක පළමු පන්දුවාර 6 ට අමතරව සෑම ඉනිමකම 16 වන සහ 17 වන පන්දුවාර මෙලෙස පවර් බ්ලාස්ට් පන්දුවාර ලෙස නම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම පන්දුවාර 2 තුළදී යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි වන්නේ පන්දු රකින්නන් සිව් දෙනෙකු පමණයි.

WhatsApp Group

Skip to content