ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

බී ලව් කැන්ඩි සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතරයි අද තරගය පැවැත්වෙන්නේ.

ජැෆ්නා කණ්ඩායම පරාජය කරමින් බී ලව් කැන්ඩි කණ්ඩායම අවසන් පුර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

එමෙන්ම ගෝල් ටයිටන්ස් කණ්ඩායම පළමු අවසන් පුර්ව වටයේ තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම හමුවේ පරාජයට පත්වුණා.

ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබනු ඇති.

දඹුල්ල අවුරා කණ්ඩායම මේ වන විටත් අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා සිටිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content