2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද සිට ආරම්භ වනවා .

ඒ අනුව අවසන් වටයේ පළමු තරගය පැවැත්වෙන්නේ ගෝල් මාර්වල්ස් සහ ජැෆ්නා කිංස් යන කණ්ඩායම් අතරයි.

කොළඹ ආර් .ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 03.00 ට ආරම්භ වනු ඇති.

මේ අතර තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගය අද රාත්‍රී 07.30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතරයි.

WhatsApp Group

Skip to content