2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් වටයේ තරග හෙට සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ගෝල් මාර්වල්ස් කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් වටයේ පළමු තරගය හෙට පස්වරු 03 ට ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනූ කලම්බු ස්ට්‍රයිකර්ස් හා සිව්වැනි ස්ථානය හිමි කර ගත් කැන්ඩි ෆැල්කන්ස් යන කණ්ඩායම් අතරයි.

එම තරගය ද හෙට රාත්‍රී 7:30 ට ආරම්භ වනවා.

WhatsApp Group

Skip to content