ලංකා ප්‍රිමිය ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද ආරම්භ වීමට නියමිතයි.

පස්වරු 03.00ට කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී එය ආරම්භ වනු ඇති.

පළමු අවසන් පූර්ව තරගය සඳහා ප්‍රසාද ලකුණු සටහනේ පළමු හා දෙවැනි ස්ථානවල පසුවන ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සුදුසුකම් ලබා තිබෙනවා.

එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ලබනවා.

මේ අතර, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිත අනෙක් කණ්ඩායම තේරීමේ තරගය ද අද රාත්‍රී 07.30ට පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, කලම්බු ස්ට්‍රකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර එම තරගය පැවැත් වෙනු ඇති.

WhatsApp Group

Skip to content