සිව් වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය් අවසන් මහා තරගය අද දිනයේදී පැවැත්වෙනවා.

ඒ දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩායම අතරයි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වනවා.

මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේ මුලික වටයේ දී අවස්ථා දෙකකදී මිට පෙර තරග වැදී තිබෙනවා.

ඒ සමස්ත තරගාවලියේ 6 වන සහ 19 වන තරග වලයි.

ඒ අතරින් පළමු තරගය හෙවත් සමස්ත තරගාවලියේ 6 වන තරගයෙන් දඹුල්ල කණ්ඩායම පරදා කඩුළු 7 ක ජයක් වාර්තා කිරීමට කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුනා.

කෙසේ වෙතත් මෙම කණ්ඩායම් දෙක අතර පැවති සමස්ත තරගාවලියේ 19 වන තරගයෙන් ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ දඹුල්ල අවුරා කණ්ඩායමයි

එල් පී එල් තරගාවලියක අවසන් මහා තරගය සදහා මෙම කණ්ඩායම් දෙක තරග වදිනු ලබන පළමු අවස්තාව මෙය වන අතර ජැෆ්නා කණ්ඩායම අවසන් මහා තරගය සදහා ක්‍රීඩා නොකරන පළමු අවස්ථාවද මෙය වනවා.

මේ අතර සිව්වන ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ සමාප්ති උත්සවයද අද පැවැත්වෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදීයි මෙම සමාප්ති උත්සවය පස්වරු 06ට ආරම්භ වීමට නියමිතියි.

මේ සදහා ජනප්‍රිය කලාකරුවන් ඇතුළු පිරිසක් ද එක්වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

WhatsApp Group

Skip to content