2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව කිංග්ස් කණ්ඩායමට ලබා දීම සිදු කළා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 173 ක්.

මෙහිදී තව්හිද් රිදෝයි පන්දු 39 කින් ලකුණු 54 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ්, මතීෂ පතිරණ, චාමික කරුණාරත්න හා ලක්ෂාන් සඳකැන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක නිරෝෂන් දික්වැල්ල පන්දු 34 කින් ලකුණු 58 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී හර්ඩස් විල්ජෝන් කඩුලු 3 ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 17 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක පන්දුවාර 2යි පන්දු 4 ක් යොමු කරමින් ලකුණු 18 කට කඩුලු 2 ක් බිඳ හෙලුවා.

WhatsApp Group

Skip to content