2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වනවා.
පස්වන වරටත් මෙවර පැවැත්වෙන එල්.පී.එල් තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් ක්‍රීඩා කිරීමටයි නියමිතව ඇත්තේ.
තරගාවලිය සඳහා තරග 24ක් ඇතුලත් අතර, පළමු වටයේ තරග 20න් අනතුරුව අවසන් වටවේ තරග 04ක් පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පළමු තරගය ලෙස අද කැන්ඩි ෆැල්කන් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content