ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග අද ආරම්භ වනවා.

ඉන් පළමු තරගය අද පස්වරු 3 ට ආරම්භ වන අතර එහිදි දඹුල්ල අවුරා කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.

මේ අතර අද පැවැත්වෙන අවසන් වටයේ දෙවන තරගය බී ලව් කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පැවැත්වෙන අතර එම තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වන අතර ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම සමග නැවත හෙට දිනයේදී තරග වැදීමට නියමිතයි.

ඒ අනුව එම තරගයෙන් ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.

මේ අතර අවසන් වටයේ තරග පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. එහිදි ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු තිළිණ කන්ඩම්බි, ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ පුහුණුකරු චාමර කපුගෙදර සහ දඹුල්ල අවුරා කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/08/LPL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content