මුම්බායි හි පැවති 2024 ලෝක රූ රැජිණ තරගයේදී කිරුළ දිනා ගැනීමට චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා සමත් වුණා.

එහිදී අනුශූරිය ලෙස ලෙබනනයේ යස්මිනා සයිටූන් පත් වුණා.

වසර 28කට පසු මෙම තරගාවලියේ සත්කාරකත්වය දැරූ ඉන්දියාව නියෝජනය කළේ 22 හැවිරිදි සිනි ෂෙට්ටි විසින්.

කෙසේ වෙතත් මෙම තරගයේදී 2022 වසරේ ෆෙමිනා මිස් ඉන්දියා වර්ල්ඩ් කිරුළ හිමිකරගත් මුම්බායි හි උපන් ෂෙට්ටිට තරගයේ පළමු 4 දෙනා අතරට හෝ පැමිණීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ.

WhatsApp Group

Skip to content